Mark Gym & Fitness Center
Monday, June 1, 2015
Wednesday, April 9, 2014
ඔබත් 6 packs බලාපොරොත්තුවෙන් සිටින්නෙක්ද?
6 Pack Abs සඳහා ආහාර ක්‍රම

සිරුර හැඩගස්වා ගැනීමේ නිරත බොහෝමය දෙනාට නියම වන බොහෝමයක් ආහාර වට්ටොරු දැඩි නීතී රීති වලින් යුතුය,එමෙන්ම අනුගමනය කිරීම ඉතා දුශ්කරය.ඔබ ඉතාමත් ආශා කරන යම් ආහාරයක් ආහාරයට නොගන්නා ලෙස ඔබට නියම වුවහොත් ඔබ නිතර ඒ ගැන සිතා කනස්සල්ලට පත් නොවන්නේද? නමුත් මෙම දින වල සාර්ථකව අත් හදා බැලීම් වලට ලක් වූ හා වේගයෙන් ජනප්‍රිය වන තම ආහාර වට්ටෝරුව සකස් කර ගැනිමේ ක්‍රමයක් පිළිබඳව මෙම ලිපිය මඟින් මා ඔබට අවබෝධයක් ලබා දෙන්නම්.
පැරණි ක්‍රමය
දිනකට ඔබේ ප්‍රධාන ආහාර වේල් 3 පමණක් ගන්න.
නවතම ක්‍රමය
දිනකට 6 වතාවක් ආහාර ගන්න.
කාය වර්ධනයට සම්භන්ද පැරණි ආහාර ක්‍රම වලදී ඔබට දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණය පමණක් ආහාරයට ගැනීමට ඔබට නියම කර ඔබව යම් තරමක කුසගින්නකට හෙලයි.නමුත් මෙම අළුත් ක්‍රමයේදි ඔබ එවැනි ආකාරයක කුසගින්නක සිටීම බලාපොරොත්තු නොවේ.එම ක්‍රමය මඟින් බලපොරොත්තු වන්නේ ඔබ සෑම මොහොතකම පරිපූර්ණව සිටීයමයි.එනම් පිරුනු ස්වභාවයකින් සිටීමයි.එහි අර්ථය පහතින් පැහැදිලි කරන්නම්.
මෙම නව ක්‍රමයෙන් දිනකට 6 වතාවක් ආහාර ගැනීම අපේක්ෂා කරන බව මම ඉහතින් සඳහන් කලෙමි.එනම් දිනකට 6 වතාවක් ලෙස පැය කීපයකට වරක් ඔබ ආහාර ගන්නා විට ඔබට කුසගිනි දැනීමට තිබෙන ඉඩ කඩ අඩු වී එමෙන්ම ඔබගේ කුස සෑම මොහොතමක තෘප්තිමත්ව සිටීම ඔබගේ ව්‍යායාම ක්‍රියාවලියද සාර්ථක වීමට ඉවහල් වේ.නමුත් ප්‍රධානම කරුණ එම ආහාර වේල් 6 ක්‍රමවත් ලෙස සළසුම් කර ගැනීමයි.එය ඉහළ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අන්තර්ගත වන ලෙස සහ ඔබට ගැළපෙන ලෙස එය එය සැළසුම් කර ගැනීම ඔබගේ වගකීමයි.
ආහාර වේල් 6ක් සැළසුම් කර ගන්නේ කෙසේද?
එය ප්‍රධාන ආහාර වේල් 3 සහ ඒ අතර සැහැල්ලු ආහාර වේල් 3ක් වන ලෙස සකස් විය යුතුය
පෙ.ව.8 උදෑසන ආහාරය
පෙ.ව.11 සැහැල්ලු ආහාරයක්
ප.ව.1 දිවා ආහාරය
ප.ව.4 සැහැල්ලු ආහාරයක්
ප.ව.6 රාත්‍රී ආහාරය
ප.ව.9 සැහැල්ලු ආහාරයක්
ඔබ ඒ සඳහා එක් කර ගත යුතු ආහාර වර්ග පිළිබඳ තොරතුරු ඉදිරි ලිපියකින් ඔබ වෙත ගෙන එන පොරොන්දුවෙන් දැනට මම සමු ගන්නම්.
Monday, April 7, 2014
ඔබගේ ප්‍රියතම WWE සුපිරි තරු කොපමණ මුදලක් උපයනවාද කියා ඔබ දන්නවාද?
WWE සමාගම විනෝදාශ්වාදය සැපයීම අතින් ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගමක් වන බව සැකයක් නැත.WWE සමාගමේ වාර්ශික ආදායම දෙස අවධානය යොමු කල විට එය ඇමරිකානු ඩොලර් මිලියන 600කට වඩා අධික වේ.එම සමාගම මෙතරම් විශාල ආදායමක් ලබන්නේ සතිපතා ඉදිරිපත් කරන වැඩසටහන් මඟින් පමණක් නොවේ.එම වැඩසටහන්ද ඇතුළුව ඔවුන් ලොව පුරා තවත් ව්‍යාපාරික කටයුතු හා වෙනත් අංග පැවත්වීම මඟිනුයි එතරම් ආදායමක් උපයන්නේ.
ඉතින් ඔබ බොහෝමයක් දෙනා පුදුම වනවා ඇති WWEහී තරඟ වදින ඔබගේ ප්‍රියතම WWE සුපිරි තරු කොපමණ වැටුපක් ලබනවාද කියා.නමුත් මූලිකම කරුණ නම් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවයි.මෙහිදී වැඩිම වැටුපක් ලබන කිහිප දෙනා අතරට අයත් වන්නේ ඔබ කවුරුත් දන්නා John Cena, CM Punk, Triple H, Randy Orton, Undertaker, Sheamus, Big Show සහ Kane යන පිරිසයි.
වාර්තා වී ඇති ආකාරයට ඔවුන් ඇමරිකානු ඩොලර් මිලියන 1ක් හො එයට වැඩි වැටුපක් වාර්ශීකව ලබයි.රුපියල් වලින් නම් ඒ එක් පුද්ගලයෙකුගේ වාර්ශීක වැටුප රු.කෝටි 13කට වඩා අධිකය.නමුත් පැවසිය යුතු තවත් කරුනක් නම් එය ඔවුන්ගේ මූලික වැටුප වන බවයි.එනම් ඔවුන් එවැනි වැටුපක් ලබන්නේ වසර 1-5 දක්වා කාල සීමාවන් වලට අයත් වන කොන්ත්‍රාත් පදනමටය.එම කොන්ත්‍රාත් වලට පළමු පෙලේ ගුවන් ටිකට් පත්,හෝටල් හා නවාතැන් පහසුකම්,පළමු පෙලේ ප්‍රවාහන පහසුකම් යනාදියද ඇතුළත්ය.
එමෙන්ම එහි අනෙකුත් සාමාජිකයන්ද ඇමරිකානු ඩොලර් ලක්ශ 1 සිට ලක්ශ 5 දක්වා වු වැටුපක් ලබන බව වාර්තා වී තිබේ.
Sunday, April 6, 2014
කාන්තාවන්ගේ ආහාර පුරුදු සඳහා උපදෙස් 6ක්
ඔබ කාන්තාවක් හෝ පුරුෂයෙක් වූවත් ඔබ ඔබගේ ආහාර පුරුදු ශරීරයට හිතකර ලෙස සකස් කර ගැනීම ඉතා වැදගත් කරුණකි.කාන්තාවන්ගේ ආහාර වේල පිළිබඳව අවධානය යොමු කිරීමේදී විශේෂයෙන් තමන් නිවසේදී පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීම තමන්ගේ නිරෝගී දී පැවැත්මට ඉතා අත්‍යවශ්‍ය සාධකයක් වේ.විශේෂයෙන් බොහෝමයක් කාන්තාවන් තම සිරුරේ හැඩය පවත්වා ගැනීම,සිරුරේ බර පාලනය කර ගැනීම හා නිරෝගීව සිටීම යන කරුණු පිලිබඳව විශේෂ අවධානයක් යොමු කරයි.එසේ නම් කාන්තාවක් ලෙස එම ඉලක්ක සපුරා ගැනීමට හොඳම මග ඔබගේ ආහාර වේල ක්‍රමවත්ව සැළසුම් කර ගැනීමයි.
නිරෝගී ආහාර වේලක් ගැනීම යනු අඩුවෙන් කෑම ගැනීම නොවේ
Diets doesn't works!
පෝෂ්‍යදායී ආහාර වේලකට යොමු වීම ආරම්භ කිරීමට හොඳම තැන ඔබගේම මුලුතැන්ගෙයයි.
එයට අදාළව පහතින් දී තිබෙන උපදෙස් වලට අවධානය යොමු කරමු.
1.පළතුරු වැඩියෙන් කන්න.
මේ සඳහා දිනකට ග්‍රෑම් 500ක පළතුරු (two cups) ප්‍රමාණයක් ආහාරයට එක් කර ගැනීම වඩා සුදුසුය.හැකිනම් නිවසේ සිට රැකියා ස්ථානයට පළතුරක් රැගෙන යන්න.උදෑසන හෝ දහවල් ආහාර වේල සමඟ එය ආහාරයට ගන්න.නැවුම් පළතුරු යුශ පානය කරන්න.විටමින් D හා කැල්සියම් අඩංගු පළතුරු යුශ නම් වඩාත් යෝග්‍ය වේ.
ඒවායේ තිබෙන ඉහළ පෝශණ ගුණය නිසා එළවළු හා පළතුරු යන දෙකම සමාන ලෙස ඔබගේ සිරුරේ පෝෂණයට ඉවහල් වේ.දිනකට ග්‍රෑම් 600ක එළවළු ප්‍රමාණයක්වත් ආහාරයට එක් කර ගැනීමට උනන්දු වන්න.එමෙන්ම කැරට්,තක්කාලි හෝ පිසීමේන් තොරව ආහාරයට ගත හැකි කොළ වර්ග වැනි එළවළු නම් වඩාත් සුදුසුය.
3.වැඩියෙන් ධාන්‍ය වර්ග අඩංගු ආහාර තෝරා ගන්න.
ධාන්‍ය ද සිරුරට ඉහළ පෝෂණයක් ලබා දෙන ඉතා වැදගත් ආහාර කාණ්ඩයකි.වැඩියෙන් ධාන්‍ය අඩංගු ආහාර හෝ සෘජුවම ධාන්‍ය වර්ග ආහාර වේලට එකතු කර ගැනීම ඔබගේ සිරුරේ පෝෂණයට ඉතා වැදගත් වනු ඇත.
4.උදෑසන ආහාර වේල අමතක කරන්න එපා!
මේ සම්භන්ද පර්යේෂකයන්ට අනුව බොහෝ දෙනෙක් අතපසු කරන ආහාර වේල බවට උදෑසන ආහාර වේල පත් වී තිබේ.සාර්ථකව බර අඩු කර ගැනීමේ පර්යේෂණයන්ට අනුව උදෑසන ආහාර වේල සිරුරේ බර පාලනය කර ගැනීමට ඉතා වැදගත් කරුණක් බව පෙන්වා දී තිබේ.එම නිසා ඔබට සිරුරේ බර පාලනය කර ගැනීමට අවශ්‍ය නම් උදෑසන ආහාර වේල අතපසු කිරීමෙන් වළකින්න.
5.අසන්තෘප්ත මේදය සහිත ආහාර ගැනීම පාලනය කරන්න.
ක්ෂණික ආහාර හා මාංශ ආහාර වල මෙම ශරීරයට අහිතකර මෙම අසන්තෘප්ත මේදය අඩංගුය.එම නිසා එම ආහාර වර්ග සහ තෙල් ඉතා අධික ආහාර පාලනය කිරීම ඔබගේ සෞඛ්‍යයට හිතකර වේ.
6.මේද රහිත කිරි නිශ්පාදන ආහාරයට ගන්න.
ශරීරයේ මේදය පාලනය කිරිමට හා බර පාලනය කිරීමට ඉතා වැදගත් සාධකයකි මෙම මේද රහිත කිරි නිශ්පාදන ආහාරයට එක් කර ගැනීම.මේද රහිත කිරි,චීස්,යෝගට් හා අයිස්ක්‍රීම් වැනි ආහාර මේ සඳහා උදාහරණ වේ.මෙවැනි ආහාර තම අහාර වේලට එක කර නොගැනීමෙන් සිදු වන්නේ ශරීරයට අවශ්‍ය විටමින් ඪ් කැල්සියම් හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථයන් ශරීරට උරා ගැනීම අඩු වීමයි.එහෙයින් මෙවැනි ආහාර සඳහා යොමු වීමද තම සෞඛ්‍යමත් ජීවිතයට හිතකර ලෙස බලපානු ඇත.
WWE රෙස්ලිං වැඩසටහන් ඇත්තක්ද?
වර්ථමානය වන විට කුඩා දරුවන්ගේ සිට විශේෂයෙන් තරුණ පිරිස් ඉතා උනන්දුවෙන් නරඹන ඉතා ජනප්‍රිය වැඩසටහනකි මෙය.මෙහි ඉතිහාසය වෙත අවධානය යොමු කරන විට මෙහි ආරම්භය සටහන් වන්නේ 1952 වර්ශය ලෙසයි.ඒ කෙසේ වූවත් WWE ලෙසින් අප හඳුනන නාමය (World Wrestling Entertainment, Inc. ) ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ථාපිත පෞද්ගලික හිමිකාරිත්වයකින් පාලනය වන විනෝදාශ්වාදය ලබා දීම තම ව්‍යාපාරය කරගත් සමාගමකි.ඒවා කෙසේ වූවත් අප බොහෝමයක් දෙනාට තිබෙන ගැටළුවකි මෙම ත්‍රාසජනක ක්‍රීඩාව සත්‍ය වශයෙන් සිදු වනවාද? යන්නයි.

නමුත් දැන් ඔබ ඔවුන් සත්‍ය ලෙස ක්‍රීඩා නොකර එවැන්නක් සිදු කරන්නේ මන්ද යන්න පුදුම වනවා ඇති.අප වටහා ගත යුත්තේ අප කෙතරම් කුතුහලයෙන් එම වැඩ සටහන් නැරඹුවද ඔවුන් සිදු කරන්නේ ඔවුන්ගේ ව්‍යාපාරයයි.එය එසේ නොවි සැම දිනකම එකම ක්‍රීඩකයා ජයග්‍රහණය කරනවා නම් එය නැරඹීමට පුද්ගලයන් තුළ තිබෙන උනන්දුව අඩු වේ.එවිට ඔවුන්ගේ ව්‍යාපාරයට පැවැත්මක් නැති වේ.එහෙයින් ඔවුන් පිටපතකට අනුව සමස්ත වැඩසටහන් මාලාව සිදු කිරීමේ ප්‍රධාන අරමුණ පුද්ගලයන් තුල තිබෙන කුතුහලය ඇවිස්සීම තුලින් ලාබ ඉපයීමයි.
එම කරුණද එසේ වන විට අප අවබෝධ කර ගත යුතු තවත් කරුණක් තිබේ.එනම් පිටපතකට අනුව ඔවුන් තමන්ගේ රඟපෑම සිදු කළද එම ක්‍රීඩකයන් ඒ සඳහා සැබෑ අවධානම් ගනී.එනම් ඔවුන් ඉනිමං උඩ සිට බිමට පැනීම තරඟ කරන ස්ථානයේ සිට පිටතට පැනීම වැනි අවස්ථාවල එතැන කිසිදු ප්‍රයෝගයක් යොදා නොගනී.ඔවුන් එම ඉරියව් වසර ගණනාවක් පුහුණු වී එම අවස්ථා වල සැබෑ අවධානම් ගනි.එමෙන්ම ඔවුන් තම ප්‍රතිවාදියාට රළු පහරවල් එල්ල කරම අවස්ථා වලදි ඔහුට වන හානිය අවම වන ලෙස කටයුතු කිරීමටද ඔවුන් වසර ගණනාවක් පුහුණුවීම් සිදු කර තිබීමයි.
මෙයින් අප ගත යුතු පණිවිඩය නම් WWE සුපිරි තරු වැඩසටහන් වල ඉදිරිපත් කරන දේ රඟපෑම් බව අවබෝධ කරගෙන අප සැබෑ ජීවිතයේ එම ඉරියව් අත් හදා බැලීමෙන් වැලකී සිටීමට කටයුතු කිරීමයි.
Saturday, April 5, 2014
කායවර්ධන මධ්‍යස්ථානයකට යොමු වන ඔබ අතින් සිදු විය හැකි මූලික වැරදි කීපයක්.
කායවර්ධන මධ්‍යස්ථානයට අළුත් සාමාජිකයෙකු ලෙස ඇතුළු වන ඔබට එහි දිගු කලක සිට ව්‍යායාම වල යෙදී තම සිරුර හැඩ ගස්වාගෙන ගෙන තිබෙන අනෙක් සාමාජිකයන් ආකර්ශණීය ලෙස ව්‍යායාම කරනු දුටු විට තමන් පිළිබඳව හීනමානයක් ඇති වීම සාමාන්‍ය තත්වයකි.එමෙන්ම එහි තිබෙන ව්‍යායාම උපකරණ වලින් තමන් භාවිත කරන්නේ කුමන උපකරණද යන්න තීරණය කිරිමේ අපහසුතා සහ වෙනත් හේතූන් මත ඔබ එම ස්ථානයේ කාලය අනවශ්‍ය ලෙස ගත කරනවා විය හැක.එහිදී නොදැනුවත්වම ඔබගේ සිරුර හැඩ ගස්වා ගැනීමේ ක්‍රියාවලිය අක්‍රමවත් විමක් සිදුවේ.
එහෙයින් එම වැරදි මඟ හරවා ගෙන ඉක්මන් ප්‍රථිඵල ලබා ගැනීම සඳහා පහත කරුණු වලට අවධානය යොමු කරමු.
1.ව්‍යායාම උපකරණයක් ලැබෙන තෙක් බලා සිටීමට සිදු වීම.
කාය වර්ධන මධ්‍යස්ථානයට යොමු වන්නන්ගෙන් වැඩි පිරිසක් ඉතා කාර්යබහුල පුද්ගලයන්ය,ඔවුන් සියලු දෙනා රැකියාවට ගොස් ඉන් අනතුරුව කාය වර්ධන මධ්‍යස්ථානයට යොමු වන්නේ බොහෝ විට එකම කාල සීමාවකය,එහෙයින් එම කාල සීමාව තුළ එහි ව්‍යායාම වල යෙදෙන පුද්ගලයන් අධික නිසා ඔබට යම් උපකරණ භාවිත කිරීමට තමන්ට අවස්ථාවක් ලැබෙන තෙක් බලා සිටීමට සිදුවේ,මෙයින් සිදු වන්නේ තම ව්‍යායාම ලැයිස්තුව අවසන් කිරීමට අධිකා කාලයක් ගත වීම සහ ඔබගේ ව්‍යායාම වල ප්‍රථිඵල වල බලපෑම අඩු වීමයි.එහෙයින් හොඳම විසඳුම කාර්යාල වේලාවට පෙර උදෑසනින්ම හෝ කාර්යාල වේලාවෙන් පසු ව්‍යායාම කරන පිරිස් ඔවුන්ගේ ව්‍යායාම අවසන් කල පසු කාය වර්ධන මධ්‍යස්ථානයට යොමු වීමයි.
2.ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම අතපසු කිරීම.
බොහෝ දෙනෙක් කාලය ඉතුරු කර ගැනිමේ අරමුණින් සිදු කරන මෙම වරද නිසා සිදු වන්නේ තමන් ව්‍යායාම අතර තුර අනතුරු වලට භාජනය වීමේ අවධානම අධික වීමයි.එයට හේතුව ඔබ එකවරම ඉතා රළු ව්‍යායාම වලට යොමු වන විට ඔබගේ ශරීරය එයට ඔරොත්තු නොදීමයි.එහෙයින් ඔබ සතු කාලය කෙතරම් සීමීත වූවත් ඔබ අනිවාර්යේන් මේ සඳහා අවධානය යොමු කළ යුතු වේ.
3.ඔබගේ ව්‍යායාම චර්යාව සැළසුම් කර නොගැනීම.
3.ඔබගේ ව්‍යායාම චර්යාව සැළසුම් කර නොගැනීම.
සැළැස්මක් නොමැතිව කාය වර්ධන මධ්‍යස්ථානයට ගමන් කිරීම තමන්ට අවශ්‍ය භාණ්ඩ වල ලැයිස්තුවක් නොමැතිව වෙලඳසැල වෙත යාම වැනිය.අරමුණක් නොමැතිව ඔබ ව්‍යායාම් කර අවසන් වන විට නොදැනුවත්ම අධික කාලයක් වැය වී සමහර විට යම් ව්‍යායාම් ඔබට අමතක වී තිබීමද සිදු විය හැකිය.එම නිසා ක්‍රමවත් ව්‍යායාම් ලැයිස්තුවක් සහ ව්‍යායාම වාර ගණන එහි සටහන්ව තිබීම ඔබට වඩා වාසි සහගතය.ඔබ මිතුරෙකු සමඟ ව්‍යායාම වල යෙදේ නම් ඔහු සමඟ මෙම සැළැස්ම පිළිබඳව සාකච්ඡා කිරීමට යම් කාලයක් යොදා ගන්න.එවිට ඔබ දෙදෙනා අනවශ්‍ය ලෙස කාලය වැය නොකර නිවැරදි ලෙස ව්‍යායාම වල යෙදෙන බව තහවුරු වේ.
4.සෑම දිනම එකම ව්‍යායාම උපකරණ හා එකම ව්‍යායාම ලැයිස්තුවක් භාවිත කිරීම
සෑම දිනම කිසිදු වෙනසක් නොමැති එකම ව්‍යායාම වල යෙදීම ඔබ අපේක්ශිත ප්‍රතිඵල පමා වීම හා ඉක්මනින් කළකිරීමකට ලක් වීමට හේතුවක් විය හැකිය.එම නිසා සතී කීපයකට වරක්වත් බර ප්‍රමාණය්න් වැඩි කිරීම,ව්‍යායාම උපකරණ වෙනස් කිරීම වැනි වෙනස් කම් ඔබගේ ව්‍යායාම චර්යාවේ සිදු විය යුතුය.මේ සඳහා ඔබගේ පුහුණුකරුගේ උපදෙස් යොදා ගැනීම වඩාත් සුදුසු වේ.
5.ඔබගේ වතුර බෝතලය අමතක කිරීම.
මෙය ඔබගේ ව්‍යායාම චර්යාවේ ඉතා සුලු නොවැදගත් කොටසක් ලෙස ඔබ දකිනවා විය හැකිය,නමුත් මේ නිසා සිදු වන්නේ බොහොමයක් දෙනා තම ව්‍යායාම අතරතුර ජලය පානය කිරීමට ජලය සොයා යාමයි.එහිදි ඔබ අනවශ්‍ය ලෙස කාලය අපතේ හරි,එම නිසා ඔබගේ ව්‍යායාම නොකඩවා ශක්තිමත් ලෙස සිදු කර ගෙන යෑම සඳහා ඔබගේ වතුර බෝතලය අමතක නොකරන්න.
6.නිකරුණේ කාලය නාස්ති කිරීම
ඔබගේ ව්‍යායාම අතරතුර කායවර්ධන මධ්‍යස්ථානය වටා සවාරි නොයන්න.එමඟින් සිදුවන්නේ ඔබගේ කාලය මෙන්ම අන් සාමාජිකයන්ගේද අවධානය වෙනතකට යොමු වීමයි.එමෙන්ම එක් ව්‍යායාමයකින් පසු අනෙක් ව්‍යායාමයට යොමු වීමේදි අවශ්‍ය උපකරණ දුරක සිට ඔබ ව්‍යායාම කිරීමට කැමති ස්ථානය වෙත ගෙන ඒමට ඔබ කාලය වැය කරනවා නම් එයද ඔබට අවාසිසහගත කරුණකි.එම නිසා පිළිවෙලකින් එක් උපකරණයකින් තවත් උපකරණයක් වෙත ගමන් කළ හැකි වන ලෙස ඔබගේ ව්‍යායාම චර්යාව ක්‍රමවත් කර ගැනීමෙන් ඔබ අනවශ්‍ය ලෙස වැය කරන කාලය ඉතිරි කරගෙන වඩා සාර්ථක ප්‍රථිඵල ලඟා කර ගැනීමට ඔබට හැකි වනු ඇත.
Subscribe to:
Posts (Atom)