Wednesday, April 9, 2014

ඔබත් 6 packs බලාපොරොත්තුවෙන් සිටින්නෙක්ද?

6 Pack Abs සඳහා ආහාර ක්‍රම

ඔබත් 6 packs බලාපොරොත්තුවෙන් සිටින්නෙක්ද? ඔබ ඒ සඳහා කාය වර්ධන මධ්‍යස්ථානයකට යොමු වනවාද? ඔබගේ ශරීරය හැඩ ගස්වා ගැනීමේ ක්‍රියාවලියට කාය වර්ධන මධ්‍යස්ථානය පමණක් ප්‍රමාණවත් නොවේ.කාය වර්ධන මධ්‍යස්ථානය තරමටම ඔබට ඔබගේ 6 packs සඳහා වැදගත් වන තවත් ස්ථානයක් තිබේ ඒ ඔබගේ මුළුතැන් ගෙයයි.එහි අර්ථය නම් ඔබ කරන ව්‍යායාම පමණක් ඔබගේ අරමුණ ඉටු කර ගැනීමට ප්‍රමාණවත් නොවේ ඒ හා සමාන වැදගත්කමක් ඔබගේ ආහාර වේලට හිමි වේ.ඔබ කෙතරම් ආයාසයකින් ව්‍යායාම වල යෙදුනත් ඔබගේ ආහාර පුරුදු වැරදි නම් ඔබගේ අපේක්ෂිත ප්‍රථිපලය කරා යාම ඔබට අපහසු වනු ඇත.එසේ නම් ඔබට ඉක්මන් ප්‍රථිපල අවශ්‍ය නම් ක්‍රමවත් ආහාර වට්ටෝරුවකට් යොමු වීම ඔබට අත්වැලක් වනු ඇත.

සිරුර හැඩගස්වා ගැනීමේ නිරත බොහෝමය දෙනාට නියම වන බොහෝමයක් ආහාර වට්ටොරු දැඩි නීතී රීති වලින් යුතුය,එමෙන්ම අනුගමනය කිරීම ඉතා දුශ්කරය.ඔබ ඉතාමත් ආශා කරන යම් ආහාරයක් ආහාරයට නොගන්නා ලෙස ඔබට නියම වුවහොත් ඔබ නිතර ඒ ගැන සිතා කනස්සල්ලට පත් නොවන්නේද? නමුත් මෙම දින වල සාර්ථකව අත් හදා බැලීම් වලට ලක් වූ හා වේගයෙන් ජනප්‍රිය වන තම ආහාර වට්ටෝරුව සකස් කර ගැනිමේ ක්‍රමයක් පිළිබඳව මෙම ලිපිය මඟින් මා ඔබට අවබෝධයක් ලබා දෙන්නම්.


පැරණි ක්‍රමය

දිනකට ඔබේ ප්‍රධාන ආහාර වේල් 3 පමණක් ගන්න.

නවතම ක්‍රමය

දිනකට 6 වතාවක් ආහාර ගන්න.

කාය වර්ධනයට සම්භන්ද පැරණි ආහාර ක්‍රම වලදී ඔබට දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණය පමණක් ආහාරයට ගැනීමට ඔබට නියම කර ඔබව යම් තරමක කුසගින්නකට හෙලයි.නමුත් මෙම අළුත් ක්‍රමයේදි ඔබ එවැනි ආකාරයක කුසගින්නක සිටීම බලාපොරොත්තු නොවේ.එම ක්‍රමය මඟින් බලපොරොත්තු වන්නේ ඔබ සෑම මොහොතකම පරිපූර්ණව සිටීයමයි.එනම් පිරුනු ස්වභාවයකින් සිටීමයි.එහි අර්ථය පහතින් පැහැදිලි කරන්නම්.

මෙම නව ක්‍රමයෙන් දිනකට 6 වතාවක් ආහාර ගැනීම අපේක්ෂා කරන බව මම ඉහතින් සඳහන් කලෙමි.එනම් දිනකට 6 වතාවක් ලෙස පැය කීපයකට වරක් ඔබ ආහාර ගන්නා විට ඔබට කුසගිනි දැනීමට තිබෙන ඉඩ කඩ අඩු වී එමෙන්ම ඔබගේ කුස සෑම මොහොතමක තෘප්තිමත්ව සිටීම ඔබගේ ව්‍යායාම ක්‍රියාවලියද සාර්ථක වීමට ඉවහල් වේ.නමුත් ප්‍රධානම කරුණ එම ආහාර වේල් 6 ක්‍රමවත් ලෙස  සළසුම් කර ගැනීමයි.එය ඉහළ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අන්තර්ගත වන ලෙස සහ ඔබට ගැළපෙන ලෙස එය එය සැළසුම් කර ගැනීම ඔබගේ වගකීමයි.

ආහාර වේල් 6ක් සැළසුම් කර ගන්නේ කෙසේද?

එය ප්‍රධාන ආහාර වේල් 3 සහ ඒ අතර සැහැල්ලු ආහාර වේල් 3ක් වන ලෙස සකස් විය යුතුය

         
   පෙ.ව.8             උදෑසන ආහාරය
   පෙ.ව.11           සැහැල්ලු ආහාරයක්
   ප.ව.1                දිවා ආහාරය
   ප.ව.4               සැහැල්ලු ආහාරයක්
   ප.ව.6               රාත්‍රී ආහාරය
   ප.ව.9               සැහැල්ලු ආහාරයක්



ඔබ ඒ සඳහා එක් කර ගත යුතු ආහාර වර්ග පිළිබඳ තොරතුරු ඉදිරි ලිපියකින් ඔබ වෙත ගෙන එන පොරොන්දුවෙන් දැනට මම සමු ගන්නම්.

1 comment:

  1. sha niyamai, thank you very much oyage uthsahaya, mehema sinhala denuwath kirim godak adui, thank you very much thorathuru dunnata,

    ReplyDelete