Sunday, April 6, 2014

කාන්තාවන්ගේ ආහාර පුරුදු සඳහා උපදෙස් 6ක්

ඔබ කාන්තාවක් හෝ පුරුෂයෙක් වූවත් ඔබ ඔබගේ ආහාර පුරුදු ශරීරයට හිතකර ලෙස සකස් කර ගැනීම ඉතා වැදගත් කරුණකි.කාන්තාවන්ගේ ආහාර වේල පිළිබඳව අවධානය යොමු කිරීමේදී විශේෂයෙන් තමන් නිවසේදී පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීම තමන්ගේ නිරෝගී දී පැවැත්මට ඉතා අත්‍යවශ්‍ය සාධකයක් වේ.විශේෂයෙන් බොහෝමයක් කාන්තාවන් තම සිරුරේ හැඩය පවත්වා ගැනීම,සිරුරේ බර පාලනය කර ගැනීම හා නිරෝගීව සිටීම යන කරුණු පිලිබඳව විශේෂ අවධානයක් යොමු කරයි.එසේ නම් කාන්තාවක් ලෙස එම ඉලක්ක සපුරා ගැනීමට හොඳම මග ඔබගේ ආහාර වේල ක්‍රමවත්ව සැළසුම් කර ගැනීමයි.


නිරෝගී ආහාර වේලක් ගැනීම යනු අඩුවෙන් කෑම ගැනීම නොවේ

Diets doesn't works!

පෝෂ්‍යදායී ආහාර වේලකට යොමු වීම ආරම්භ කිරීමට හොඳම තැන ඔබගේම මුලුතැන්ගෙයයි.


එයට අදාළව පහතින් දී තිබෙන උපදෙස් වලට අවධානය යොමු කරමු.

1.පළතුරු වැඩියෙන් කන්න.

මේ සඳහා දිනකට ග්‍රෑම් 500ක පළතුරු (two cups) ප්‍රමාණයක් ආහාරයට එක් කර ගැනීම වඩා සුදුසුය.හැකිනම් නිවසේ සිට රැකියා ස්ථානයට පළතුරක් රැගෙන යන්න.උදෑසන හෝ දහවල් ආහාර වේල සමඟ එය ආහාරයට ගන්න.නැවුම් පළතුරු යුශ පානය කරන්න.විටමින් D හා කැල්සියම් අඩංගු පළතුරු යුශ නම් වඩාත් යෝග්‍ය වේ.

2.එළවළු වැඩියෙන් ආහාර වේලට එක් කර ගන්න.

ඒවායේ තිබෙන ඉහළ පෝශණ ගුණය නිසා එළවළු හා පළතුරු යන දෙකම සමාන ලෙස ඔබගේ සිරුරේ පෝෂණයට ඉවහල් වේ.දිනකට ග්‍රෑම් 600ක එළවළු ප්‍රමාණයක්වත් ආහාරයට එක් කර ගැනීමට උනන්දු වන්න.එමෙන්ම කැරට්,තක්කාලි හෝ පිසීමේන් තොරව ආහාරයට ගත හැකි කොළ වර්ග වැනි එළවළු නම් වඩාත් සුදුසුය.

3.වැඩියෙන් ධාන්‍ය වර්ග අඩංගු ආහාර තෝරා ගන්න.

ධාන්‍ය ද සිරුරට ඉහළ පෝෂණයක් ලබා දෙන ඉතා වැදගත් ආහාර කාණ්ඩයකි.වැඩියෙන් ධාන්‍ය අඩංගු ආහාර හෝ සෘජුවම ධාන්‍ය වර්ග ආහාර වේලට එකතු කර ගැනීම ඔබගේ සිරුරේ පෝෂණයට ඉතා වැදගත් වනු ඇත.

4.උදෑසන ආහාර වේල අමතක කරන්න එපා!

මේ සම්භන්ද පර්යේෂකයන්ට අනුව බොහෝ දෙනෙක් අතපසු කරන ආහාර වේල බවට උදෑසන ආහාර වේල පත් වී තිබේ.සාර්ථකව බර අඩු කර ගැනීමේ පර්යේෂණයන්ට අනුව උදෑසන ආහාර වේල සිරුරේ බර පාලනය කර ගැනීමට ඉතා වැදගත් කරුණක් බව පෙන්වා දී තිබේ.එම නිසා ඔබට සිරුරේ බර පාලනය කර ගැනීමට අවශ්‍ය නම් උදෑසන ආහාර වේල අතපසු කිරීමෙන් වළකින්න.

5.අසන්තෘප්ත මේදය සහිත ආහාර ගැනීම පාලනය කරන්න.

ක්ෂණික ආහාර හා මාංශ ආහාර වල මෙම ශරීරයට අහිතකර මෙම අසන්තෘප්ත මේදය අඩංගුය.එම නිසා එම ආහාර වර්ග සහ තෙල් ඉතා අධික ආහාර පාලනය කිරීම ඔබගේ සෞඛ්‍යයට හිතකර වේ.

6.මේද රහිත කිරි නිශ්පාදන ආහාරයට ගන්න.

ශරීරයේ මේදය පාලනය කිරිමට හා බර පාලනය කිරීමට ඉතා වැදගත් සාධකයකි මෙම මේද රහිත කිරි නිශ්පාදන ආහාරයට එක් කර ගැනීම.මේද රහිත කිරි,චීස්,යෝගට් හා අයිස්ක්‍රීම් වැනි ආහාර මේ සඳහා උදාහරණ වේ.මෙවැනි ආහාර තම අහාර වේලට එක කර නොගැනීමෙන් සිදු වන්නේ ශරීරයට අවශ්‍ය විටමින් ඪ් කැල්සියම් හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථයන් ශරීරට උරා ගැනීම අඩු වීමයි.එහෙයින් මෙවැනි ආහාර සඳහා යොමු වීමද තම සෞඛ්‍යමත් ජීවිතයට හිතකර ලෙස බලපානු ඇත.

No comments:

Post a Comment