WWE සමාගම විනෝදාශ්වාදය සැපයීම අතින් ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගමක් වන බව සැකයක් නැත.WWE සමාගමේ වාර්ශික ආදායම දෙස අවධානය යොමු කල විට එය ඇමරිකානු ඩොලර් මිලියන 600කට වඩා අධික වේ.එම සමාගම මෙතරම් විශාල ආදායමක් ලබන්නේ සතිපතා ඉදිරිපත් කරන වැඩසටහන් මඟින් පමණක් නොවේ.එම වැඩසටහන්ද ඇතුළුව ඔවුන් ලොව පුරා තවත් ව්‍යාපාරික කටයුතු හා වෙනත් අංග පැවත්වීම මඟිනුයි එතරම් ආදායමක් උපයන්නේ.
ඉතින් ඔබ බොහෝමයක් දෙනා පුදුම වනවා ඇති WWEහී තරඟ වදින ඔබගේ ප්‍රියතම WWE සුපිරි තරු කොපමණ වැටුපක් ලබනවාද කියා.නමුත් මූලිකම කරුණ නම් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවයි.මෙහිදී වැඩිම වැටුපක් ලබන කිහිප දෙනා අතරට අයත් වන්නේ ඔබ කවුරුත් දන්නා John Cena, CM Punk, Triple H, Randy Orton, Undertaker, Sheamus, Big Show සහ Kane යන පිරිසයි.
වාර්තා වී ඇති ආකාරයට ඔවුන් ඇමරිකානු ඩොලර් මිලියන 1ක් හො එයට වැඩි වැටුපක් වාර්ශීකව ලබයි.රුපියල් වලින් නම් ඒ එක් පුද්ගලයෙකුගේ වාර්ශීක වැටුප රු.කෝටි 13කට වඩා අධිකය.නමුත් පැවසිය යුතු තවත් කරුනක් නම් එය ඔවුන්ගේ මූලික වැටුප වන බවයි.එනම් ඔවුන් එවැනි වැටුපක් ලබන්නේ වසර 1-5 දක්වා කාල සීමාවන් වලට අයත් වන කොන්ත්‍රාත් පදනමටය.එම කොන්ත්‍රාත් වලට පළමු පෙලේ ගුවන් ටිකට් පත්,හෝටල් හා නවාතැන් පහසුකම්,පළමු පෙලේ ප්‍රවාහන පහසුකම් යනාදියද ඇතුළත්ය.
එමෙන්ම එහි අනෙකුත් සාමාජිකයන්ද ඇමරිකානු ඩොලර් ලක්ශ 1 සිට ලක්ශ 5 දක්වා වු වැටුපක් ලබන බව වාර්තා වී තිබේ.
No comments:
Post a Comment