කාය වර්ධන මධ්‍යස්ථානයකට යොමු වන ආධුනිකයන් විසින් දැන ගත යුතු මූලික කරුණු.
ඔබ කාය වර්ධන මධ්‍යස්ථානයට ආධුනිකයෙක් නම් මුලදී එම ස්ථානය ඔබට සුවපහසු ස්ථානයක් නොවනු ඇත.එනම් අන් පුද්ගලයන් තමා ගැන කුමක් සිතනවාද නිතර තමන් ගැන අවධානයෙන් සිටිනවාද, තමුන් නිවැරදිව ව්‍යායාම් කරනවාද යන සැකය තම සිතට වද දීමට ඉඩ ඇති බැවිනි.නමුත් එම කරුණු එතරම් වද විය යුතු කරුණු නොවේ.
- ඔබ කායවර්ධන මධ්‍යස්ථානයට යොමු වන පළමු දිනයේදී ඔබට ඒ පිළිබඳව ලැබීමට නියමිත දැනුවත් කිරීම ඔබට ලැබෙනවාද යන්න පිළිබඳව සැළකිලිමත් වන්න.එහිදී එම කායවර්ධන මධ්‍යස්ථානය තුළ තිබෙන මූලික නීතී රීතී සහ එහි තිබෙන යන්ත්‍ර උපකරණ පිලිබඳව ඔබව දැනුවත් කරනු ඇත.
- ආරම්භයේදී ඔබ එම ව්‍යායාම වලට හුරු වන තෙක් නිදහස් උපකරණ (free weights) වලට යොමු වීම වෙනුවට ව්‍යායාම් යන්ත්‍ර (weight machines) භාවිත කිරීමට යොමු වන්න.එය ඔබට ව්‍යායාම් උපකරණ පිලිබඳව හොඳ අවබෝධයක් ලබා දීමට උදව් වනු ඇත.
- සෑම කාය වර්ධන මධ්‍යස්ථානයක් සතුවම එම ස්ථානය වෙනුවෙන් සේවය සපයන පුහුණුකරුවකු එහි සාමාජිකයන් පුහුණු කිරීම වෙනුවෙන් නිතරම එම ස්ථානයේ රැඳී සිටියි.ඔබට පැන නඟින සියලු ප්‍රශ්න ඔවුන් වෙත යොමු කරන්න,එය පුහුණුකරුට සිදු කරන කරදරයක් සේ නොසිතන්න,මන්ද ඔවුන් ඒ සඳහා ගෙවීමක් ලබා එම කාර්යය ඉටු කිරීමට බැඳී සිටියි.
- ඔබට යම් ව්‍යායාම නිසි ලෙස කල නොහැකි වූ පමණින් ඔබ එම ස්ථානයේ සිටීමට නොසුදුසු කෙනෙක් සේ නොසිතන්න,මන්ද ඔබ තවම ආධූනිකයෙකි,එමෙන්ම එහි අනික් සමාජිකයන් මෙන්ම එම ස්ථානය භාවිත කිරිමට ඔබටත් අයිතිවාසිකමක් තිබේ.
- එමෙන්ම ඉතා අධික බරින් ව්‍යායාම කිරීම ආරම්භ නොකරන්න.ඔබ එයට පෙර එවැනි ව්‍යායාම කර නොමැති නිසා අඩු බරකින් පටන් ගන්න එවිට ඔබ සහ ඔබගේ මාංශ පේශීන් එයට හුරු වේ එමෙන්ම ඔබ අඩු බරින් ව්‍යායාම ආරම්භ කළ නිස ඔබට සිදු විය හැකි අනතුරුද අවම වේ.
- එමෙන්ම එතැන සිටින කිසිම කෙනෙකුට ඔබ කරන ව්‍යායාම වලට බලපෑම් කිරිමට ඉඩ නොදෙන්න,ඔබ ව්‍යායම කරන ආකාරයේ අඩු පාඩු පෙන්වා දීමට ඉදිරිපත් වන පුද්ගලයන් බොහොමයක් සිටිනු ඇත.නමුත් පුහුණුකරු හැරෙන්නට අනෙක් පුද්ගලයන් පවසන දෙයට වැඩි අවධානයක් යොමු නොකරන්න.
- පුහුණුකරු විසින් ලබා දෙන අනුපිළිවෙලට ව්‍යායාම කරන්න,අදාළ දිනයන් නොවරදවා එම කටයුතු වල නිරත වන්න.
- ඔබට යම් ගැටලුවක් පැන නඟී නම් පුහුණු කරුගෙන් එය විමසන්න බිය නොවන්න,කිසිම ප්‍රශ්ණයක් මෝඩ ප්‍රශ්ණයක් නොවේ,ඔබට පිළිතුරු ලබා දීම පුහුණුකරු විසින් සිදු කරනු ඇත.
ආධුනිකයන්ට ප්‍රයොජනවත් විය හැකි ආදර්ශ ව්‍යායාම් ලැයිස්තූන් කිහිපයක් පහතින් දක්වා තිබේ.
No comments:
Post a Comment