කායවර්ධන මධ්‍යස්ථානයට අළුත් සාමාජිකයෙකු ලෙස ඇතුළු වන ඔබට එහි දිගු කලක සිට ව්‍යායාම වල යෙදී තම සිරුර හැඩ ගස්වාගෙන ගෙන තිබෙන අනෙක් සාමාජිකයන් ආකර්ශණීය ලෙස ව්‍යායාම කරනු දුටු විට තමන් පිළිබඳව හීනමානයක් ඇති වීම සාමාන්‍ය තත්වයකි.එමෙන්ම එහි තිබෙන ව්‍යායාම උපකරණ වලින් තමන් භාවිත කරන්නේ කුමන උපකරණද යන්න තීරණය කිරිමේ අපහසුතා සහ වෙනත් හේතූන් මත ඔබ එම ස්ථානයේ කාලය අනවශ්‍ය ලෙස ගත කරනවා විය හැක.එහිදී නොදැනුවත්වම ඔබගේ සිරුර හැඩ ගස්වා ගැනීමේ ක්‍රියාවලිය අක්‍රමවත් විමක් සිදුවේ.
එහෙයින් එම වැරදි මඟ හරවා ගෙන ඉක්මන් ප්‍රථිඵල ලබා ගැනීම සඳහා පහත කරුණු වලට අවධානය යොමු කරමු.
1.ව්‍යායාම උපකරණයක් ලැබෙන තෙක් බලා සිටීමට සිදු වීම.
කාය වර්ධන මධ්‍යස්ථානයට යොමු වන්නන්ගෙන් වැඩි පිරිසක් ඉතා කාර්යබහුල පුද්ගලයන්ය,ඔවුන් සියලු දෙනා රැකියාවට ගොස් ඉන් අනතුරුව කාය වර්ධන මධ්‍යස්ථානයට යොමු වන්නේ බොහෝ විට එකම කාල සීමාවකය,එහෙයින් එම කාල සීමාව තුළ එහි ව්‍යායාම වල යෙදෙන පුද්ගලයන් අධික නිසා ඔබට යම් උපකරණ භාවිත කිරීමට තමන්ට අවස්ථාවක් ලැබෙන තෙක් බලා සිටීමට සිදුවේ,මෙයින් සිදු වන්නේ තම ව්‍යායාම ලැයිස්තුව අවසන් කිරීමට අධිකා කාලයක් ගත වීම සහ ඔබගේ ව්‍යායාම වල ප්‍රථිඵල වල බලපෑම අඩු වීමයි.එහෙයින් හොඳම විසඳුම කාර්යාල වේලාවට පෙර උදෑසනින්ම හෝ කාර්යාල වේලාවෙන් පසු ව්‍යායාම කරන පිරිස් ඔවුන්ගේ ව්‍යායාම අවසන් කල පසු කාය වර්ධන මධ්‍යස්ථානයට යොමු වීමයි.
2.ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම අතපසු කිරීම.
බොහෝ දෙනෙක් කාලය ඉතුරු කර ගැනිමේ අරමුණින් සිදු කරන මෙම වරද නිසා සිදු වන්නේ තමන් ව්‍යායාම අතර තුර අනතුරු වලට භාජනය වීමේ අවධානම අධික වීමයි.එයට හේතුව ඔබ එකවරම ඉතා රළු ව්‍යායාම වලට යොමු වන විට ඔබගේ ශරීරය එයට ඔරොත්තු නොදීමයි.එහෙයින් ඔබ සතු කාලය කෙතරම් සීමීත වූවත් ඔබ අනිවාර්යේන් මේ සඳහා අවධානය යොමු කළ යුතු වේ.
3.ඔබගේ ව්‍යායාම චර්යාව සැළසුම් කර නොගැනීම.
3.ඔබගේ ව්‍යායාම චර්යාව සැළසුම් කර නොගැනීම.
සැළැස්මක් නොමැතිව කාය වර්ධන මධ්‍යස්ථානයට ගමන් කිරීම තමන්ට අවශ්‍ය භාණ්ඩ වල ලැයිස්තුවක් නොමැතිව වෙලඳසැල වෙත යාම වැනිය.අරමුණක් නොමැතිව ඔබ ව්‍යායාම් කර අවසන් වන විට නොදැනුවත්ම අධික කාලයක් වැය වී සමහර විට යම් ව්‍යායාම් ඔබට අමතක වී තිබීමද සිදු විය හැකිය.එම නිසා ක්‍රමවත් ව්‍යායාම් ලැයිස්තුවක් සහ ව්‍යායාම වාර ගණන එහි සටහන්ව තිබීම ඔබට වඩා වාසි සහගතය.ඔබ මිතුරෙකු සමඟ ව්‍යායාම වල යෙදේ නම් ඔහු සමඟ මෙම සැළැස්ම පිළිබඳව සාකච්ඡා කිරීමට යම් කාලයක් යොදා ගන්න.එවිට ඔබ දෙදෙනා අනවශ්‍ය ලෙස කාලය වැය නොකර නිවැරදි ලෙස ව්‍යායාම වල යෙදෙන බව තහවුරු වේ.
4.සෑම දිනම එකම ව්‍යායාම උපකරණ හා එකම ව්‍යායාම ලැයිස්තුවක් භාවිත කිරීම
සෑම දිනම කිසිදු වෙනසක් නොමැති එකම ව්‍යායාම වල යෙදීම ඔබ අපේක්ශිත ප්‍රතිඵල පමා වීම හා ඉක්මනින් කළකිරීමකට ලක් වීමට හේතුවක් විය හැකිය.එම නිසා සතී කීපයකට වරක්වත් බර ප්රමාණය්න් වැඩි කිරීම,ව්‍යායාම උපකරණ වෙනස් කිරීම වැනි වෙනස් කම් ඔබගේ ව්‍යායාම චර්යාවේ සිදු විය යුතුය.මේ සඳහා ඔබගේ පුහුණුකරුගේ උපදෙස් යොදා ගැනීම වඩාත් සුදුසු වේ.
5.ඔබගේ වතුර බෝතලය අමතක කිරීම.
මෙය ඔබගේ ව්‍යායාම චර්යාවේ ඉතා සුලු නොවැදගත් කොටසක් ලෙස ඔබ දකිනවා විය හැකිය,නමුත් මේ නිසා සිදු වන්නේ බොහොමයක් දෙනා තම ව්‍යායාම අතරතුර ජලය පානය කිරීමට ජලය සොයා යාමයි.එහිදි ඔබ අනවශ්‍ය ලෙස කාලය අපතේ හරි,එම නිසා ඔබගේ ව්‍යායාම නොකඩවා ශක්තිමත් ලෙස සිදු කර ගෙන යෑම සඳහා ඔබගේ වතුර බෝතලය අමතක නොකරන්න.
6.නිකරුණේ කාලය නාස්ති කිරීම
ඔබගේ ව්‍යායාම අතරතුර කායවර්ධන මධ්‍යස්ථානය වටා සවාරි නොයන්න.එමඟින් සිදුවන්නේ ඔබගේ කාලය මෙන්ම අන් සාමාජිකයන්ගේද අවධානය වෙනතකට යොමු වීමයි.එමෙන්ම එක් ව්‍යායාමයකින් පසු අනෙක් ව්‍යායාමයට යොමු වීමේදි අවශ්‍ය උපකරණ දුරක සිට ඔබ ව්‍යායාම කිරීමට කැමති ස්ථානය වෙත ගෙන ඒමට ඔබ කාලය වැය කරනවා නම් එයද ඔබට අවාසිසහගත කරුණකි.එම නිසා පිළිවෙලකින් එක් උපකරණයකින් තවත් උපකරණයක් වෙත ගමන් කළ හැකි වන ලෙස ඔබගේ ව්‍යායාම චර්යාව ක්‍රමවත් කර ගැනීමෙන් ඔබ අනවශ්‍ය ලෙස වැය කරන කාලය ඉතිරි කරගෙන වඩා සාර්ථක ප්‍රථිඵල ලඟා කර ගැනීමට ඔබට හැකි වනු ඇත.
ස්තුතියි මචන් දැනුවත් කලාට
ReplyDeleteසතියකින් දෙකකින් චාර්ට් එක මාරු කලට අව්ලක් නැද්ද මචන්?
mcn gym giyama kettu ewwo thawa kettu wenawa kiyanne aththada...
ReplyDelete